News

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කෙරේ

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බැවින් පාර්ලිමේන්තු සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ආරක්ෂක කටයුතු සදහා හමුදාව සහ පොලීසිය ද යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන් වාහන හා රැගෙන එනු ලබන භාණ්ඩ හා ගමන් මලු දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

ආරක්ෂක හේතුන් මත මැතිසබයේ කතානායක ගැලරිය හා මහජන ගැලරිය අද දිනයේද වසා තැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීන් පවසනවා.

මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු නිලධාරීන් සහ එහි කාර්ය මණ්ඩලයට අමතරව අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණිය හැක්කේ මාධ්‍යවේදීන්ට පමණක් බවද එහි නිලධාරීන් සදහන් කළා.