කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව නවදහස ඉක්මවයි
කොරෝනා (COVID-19)වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 9276 දක්වා ඉහළ ගොස් තිබේ.
මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයෙන් වන අතර, එම සංඛ්‍යාව 3245ක් වේ.
චීනයට පසු වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වනනේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 2987කි.
ඊයේ (18) දිනය තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 478ක් වාර්තා වේ.
ඉරානයෙන් මරණ 149ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 129ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
