සමාජ ජාලවල සංසරණය වූ වීඩියෝවේ ළමා අපයෝජකයා අත්අඩංගුවට
සමාජ ජාල ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ විඩියෝවේ සිටින ළමා අපයෝජකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19 වැනිදා) ආඬිඅම්බලමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දැරියගේ නිවස තුලදීත් නිවසින් පිටතදීත් අවස්ථා කිහිපයකදී සැකකරු විසින් දැරිය අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ.
මෙම සැකකරු අපයෝජනයට ලක්වූ දැරියගේ ඥාතියෙකු බව පොලීසිය පවසයි.
වීඩියෝව සම්බන්ධව සිදුකරන ලද ජාලගත විශ්ලේෂණ වාර්තා අනුව සිදුකළ විමර්ශනයේදී මෙම අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින (20 වැනිදා) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමන්ත ලියනපතිරණ
