වත්තල, ජාඇල, පුත්තලම දිස්ත්රික්කයට, හලාවත, මීගමුව කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය පැය 3කට ඉවත් කරයි
මේ වන විට පොලිස් ඇදිරි නීතිය පනවා ඇති සියලුම ප්රදේශවල ඇදිරි නීතිය තාවකාලිකව උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා ඉවත් කර තිබේ.
ඒ අනුව පුත්තලම පොලිස් කොට්ඨාසයේ, හලාවත පොලිස් කොට්ඨාසයේ හා මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමට පැනවු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ.
දහවල් 12.00 සිට නැවත ඉහත සදහන් ප්රදේශවලට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක වේ.
