පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට පෙර කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
එම රැස්වීම පෙරවරු 9.00ට ආරම්භවීමට නියමිතව ඇත්තේ.
අද දිනයේ සභාවේ න්‍යාය පත්‍රය හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් මෙම පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව උදෑසන 10.30ට ආරම්භ වීමටයි නියමිතයි.
පාර්ලිමේන්තුව පසුගිය 19 වැනිදා රැස්වීමෙන් අනතුරුව අද පෙරවරු 10.30 දක්වා කල් තැබුණා.