දිස්ත්‍රික්ක 8කට හැර සෙසු දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය පැය 8කට ඉවත් කෙරේ
දිවයිනේ දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශ සදහා අද පෙරවරු 6.00 සිට පස්වරු 2.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.
එම ප්‍රදේශ වලට අද (23) පස්වරු 2.00 සිට හෙට (24) පෙරවරු 6.00 දක්වා නැවත ඇඳිරි නීතිය පනවන බව පොලීසිය පවසයි.
මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය හෙට (24) පෙරවරු 6.00 දක්වා දීර්ඝ කර තිබේ.
හෙට (24) පෙරවරු 6.00 සිට එම දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය ඉවත් කරන අතර, නැවත හෙට (24) පස්වරු 2.00 සිට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතව තිබේ.
