ලොව පුරා කොරෝනා මරණ දහහතර දහස ඉක්මවයි
ලොව පුරා රටවල්වලින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 14,641 දක්වා ඉහළ ගොස් තිබේ.
මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 5,476ක් වේ.
ඊයේ (22) දිනය තුළ පමණක් ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 651ක් වේ.
එමෙන්ම ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගල මරණ 391ක් සිදුව තිබේ.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 337,042කි.

