News

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙන යාම ද තහනම් කර තිබේ.

කෙසේ වෙතත් සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.