පළමු කොරෝනා රෝගියා ඇසුරු කළ 10 ක් නිරෝධායනයෙන් පසු ගෙදර යයි
පළමු කොරෝනා ආසාදිතයා සමඟ ඇසුරු කර පුද්ගලයින් දස දෙනකු නිරෝධායනය කිරිමෙන් පසු පිටව යයි
සංචාරක මග පෙන්වන්නෙකු වූ පළමු කොරෝනා ආසාදදිතයා සමඟ ඇසුරු කරන ලද සංචාරක මග පෙන්වන්නන් ඇතුලූ දස දෙනෙකු මීට දින දාහතරකට පෙර තිස්සමහාරාම කිරින්ද නිකාරා හෝටලයේ කැරවන් පාක්හි වාහන තුළම රඳවා ස්වයං නිරෝධායන කටයුතු සිදුකරන ලද අතර . දින 14 ක් තුළ සිදුකරන ලද ස්වයං නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු ඔවුන් නිවෙස් කරා පිටත් කර යැවීම අද දින සිදුවීය .
සාර්ථක ලෙස නිරෝධාන කටයුතු අවසන් වූ බවත් ඔවුන්ට නිවෙස් කරා ගොස් සුපුරුදු ලෙස කටයුතු කරගෙන යා හැකි බවත් නිරෝධායන සිදු කළ බවට සහතික පත්‍රයක් ඔවුන් වෙත ලබා දුන් බවත් තිස්සමහාරාම ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් නිලියකගෙ මහතා පැවසීය .
මෙම අවස්ථාවට තිස්සමහරාම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක ප්‍රභාත් ලියනගේ මහතා මෙන් ම තිස්සමහාරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර ජයසිරි විජයමුණි මහතා සහ කිරින්ද පොලිසියේ ස්ථානභාර නිලධාරි නිළධාරි නවරත්න මහතා ද කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු කිහිප දෙනෙකුද සහභාගී විය .
කිරින්ද නිකාරා හෝටලයේ නිරෝධායන ට ලක් වීමෙන් පසු පිටව යෑමට සූදානමින් සිටී සංචාරක මාර්ගෝපදේශකයෙකු වූ ඩග්ලස් විජයරත්න මහතා සඳහන් කළේ නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු මනසික සහණය එපමනයි කියන්න බැ .
විදේශකයින් සමග සංචාරය කිරීමේ දී මා සමගින් සන්චාරක මග පෙන්වීමේ යෙදී සිටි මිතුරෙකු කොරෝනා වෛරසයට ගොදුරු වීම නිසා මම ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායම යම් අපහසුතාවකට ලක්වූ බැවින් දැනට එම රෝගියා අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නිසා අපෙන් රටට විය යුතු සේවයක් ලෙස සලකා කිරින්ද ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමා හමු වී සාකච්ඡා කොට ස්වයං නිරෝධයක් සඳහා පියවර ගත් බවත් . ඒ සඳහා ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂක තුමා මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන්ලා සහ කිරින්ද පොලිසිය ස්ථාන භාර නිලධාරි තුමා ඇතුළු පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ නොමද සහයෝගයක් ලැබුණු බවත් මම ස්වයං නිරෝධායන ලක් වූ පුද්ගලයෙක් හැටියට ඉතා ගෞරවයෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොපැකිළිව ස්වයං නිරෝධායන කටයුතුවලට සහභාගි වී රටේ ජනතාව ආරක්ෂා කරන හැටියටත් මෙහි කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලයෙන් නිරෝධායන ට ලක් වූ බවට ලබා දෙන සහතිකය නිසාත් බය නැතුව ගමට යන්න පුළුවන් බවත් හෙතෙම සඳහන් කලා.
අමිල සම්පත් ශ්‍රී තිස්සමහාරාම
