බන්ධනාගාරවල වැඩිපුර අවි පොලිසියට
රටේ සියලුම බන්ධනාගාරවල ඇති ආයුධ ගබඩාවල තිබෙන අතිරික්ත අවි ආයුධ ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.
බන්ධනාගාර රාජකාරිවල නිරත නිලධාරීන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ගිනි අවි තබාගෙන ඉතිරි ඒවා පොලිස් ආයුධ ගබඩාවලට භාරදීමට මේ අනුව උපදෙස් නිකුත් කර ඇත.
මීට අමතරව බන්ධනාගාරවල වෛද්‍ය මධ්‍යස්ථානවල ඇති මත්විය හැකි සියලුම ඖෂධ වර්ග ආරක්ෂිත තැන්වල ගබඩා කිරීමටද ආරක්ෂිත ක්‍රමවේද යොද තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
