News

දුම්බොන අයට කොවිඩ් වැළදීම වැඩියි

සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව දුම්පානය කරන්න පුද්ගලයින්ට නව කොරෝනා රෝගය වැළදීම 100 ගුණයකින් වැඩිබව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

දුම්පානය සීමා කිරීමට තම සංගමය රජයට යෝජනා ඉදිරිපත් කර ඇති අතර රජය ඒ සඳහා නව නීති ගෙනඑනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.

දුම්බොන පුද්ගලයෙකු නිවසේ සිටියහොත් ඒ හේතුවෙන් නිවසේ අන්අයටද මෙම රෝගය වැළදීමේ අවධානම ඉතා ඉහළ බව සොයාගෙන තිබෙන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කොරෝනා රෝගයෙන් වැළකීමට දුම්පානය නොකර සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.