කැබිනට් මණ්ඩලය රැස්වෙයි
කැබිනට් මණ්ඩලය අද පෙරවරු 10.30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්ව තිබේ.
ඒ, කොරෝනා (COVID-19) වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.
මෙහිදී වත්මන් තත්ත්වය හමුවේ ජනතාවට ලබාදිය හැකි සහන පිළිබදව වැඩි අවධානයක් යොමු තිබේ.
ඊට අමතරව ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
