News

උපදෙස් කඩකළහොත් ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම වැඩිවිය හැකියි

මෙරට සෞඛය අංශ විසින් මහජනතාවට ලබාදී ඇති උපදෙස් කඩකළහොත් ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝනා (COVID-19) රෝගීන් වාර්තාවීම විශාල ලෙස වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කළේ නොසැලකිලිමත්භාවයෙන් කටයුතු කළහොත් වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ ඉඩකඩ වැඩි විය හැකි බවයි.

එලෙස සිදුවුවහොත් කොරෝනා වෛරසය වැළදෙන පුද්ගලයින්ගේ ප්‍රතිකාර කටයුතු නිසි පරිදි සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගත හැකි බව ද එම සංගමය සදහන් කළේය.