ඉතාලියේ මරණ 6820යි – ස්පාඤ්ඤයේ මරණ 3434යි – ලොව පුරා මියගිය සංඛ්‍යාව 19,625යි
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19625ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මින් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වන අතර, එම සංඛ්‍යාව 6820ක් වේ.
නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙන චීනයට වඩා වැඩි පුද්ගල මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් අද (25) වාර්තා විය.
මේ වන විට චීනයෙන් පුද්ගල මරණ 3163ක් වාර්තා වන විට ස්පාඤ්ඤයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3434ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ඉරානයේ මේ වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2077ක් වේ.
ප්‍රංශයෙන් පුද්ගල මරණ සංඛ්‍යාව 1100ක් ලෙස වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.
ලොව පුරා මේ වන විට වාර්තා මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 428,405ක්.
