News

රුසියාවට ගුවන් යානා ඇතුළුවීම පිටවීම තහනම් කරයි

විදෙස් ගතව සිටින රුසියානු ජාතිකයන් මුදාගෙන පැමිණෙන විශේෂ ගුවන් යානාවලට හැර වෙනත් කිසිදු ගුවන් යානයකට සිය රට තුළට ඇතුළුවීමට ඉඩනොදෙන බව රුසියානු රජය පවසයි.

ඒ අනුව හෙට (27) මධ්‍යම රාත්‍රීයේ සිට මෙය ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රුසියානු රජය මෙම පියවර ගෙන ඇත.

රුසියාවෙන් මේ වන විට කොරෝනා මරණ 3ක් වාර්තා වන අතර, එරටින් මේ වන විට වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 648කි.