News

ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න පොහොට්ටුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න විසින් ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න ලෙසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඔහු සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන බවයි.

මහසෝන් බලකාය නමැති සංවිධානයක අමිත් වීරසිංහ නම් පුද්ගලයෙකු වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණය සදහා නාමයෝජනා ලබාදෙන බවට අතිශය සාවද්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවද පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

එවැනි පුද්ගලයෙකු සමග පොදුජන පෙරමුණ පක්ෂ කිසිදු සබදතාවයක් පවත්වා නොමැති අතර, නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවකට පක්ෂය එළැඹ නොමැති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න නිකුත් කළේ නිවේදනයේ දැක්වෙනවා.