News

වෙළඳ කලාපයේ සිටි සේවකයින් නිවෙස් බලා පිටත් කරයි

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරන නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27)ආරම්භ කර ඇත.

ඒ සදහා 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටි සිටියහ.

ඊයේ (26) ද රාත්‍රීයේ කටුනායක පොලීසිය රාත්‍රී ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර ඇති අතර එයට ප්‍රතිචාර වශයෙන් මෙසේ දැවැන්ත ජනතාවක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණ සිටියහ .

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , කටුනායක පොලීසිය , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කර තිබිණි.

කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කරයි .

එයින් සමත් වන පිරිස් , ඔවුන්ගේ පදිංචිය අනුව , සූදානම් කර ඇති බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරයි .

මෙසේ බස් රථ මගින් රැගෙන යන සේවක පිරිස් , ඔවුන් අයත් වන පොලීසිය වෙත භාර දීමට නියමිතය.

පසුව එම පොලීසිය විසින් මෙම සේවකයින් තමන් පදිංචි නිවෙස් වෙත යොමු කිරීමට නියමිතය .