ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා ගැන දැනගන්න මෘදුකාංගයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් මෘදුකාංග මාදිලි සඳහා මෙන්ම වෙබ් අතුරුමුහුණතින් ද එය නිකුත් කෙරේ.
වයිරසය පිළිබඳ හදිසි දැනුම්දීම්, ප්‍රවෘත්ති, උපදෙස් සහ වෙනත් යාවත්කාලීන තොරතුරු මෙම මෘදුකාංගයෙන් ලබා දෙනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විටත් සිය නිල වෙබ් අවඩිය මගින් සහ වට්ස් ඇප් මාර්ගයෙන් වයිරසය පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි.
ලබන 30 වැනිදා මෙහි මූලික සංස්කරණයක් නිකුත් කිරීමට නියමිතය.
වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්නව සිටීමට මහජනතාව පෙළඹවීම ද මෙමඟින් සිදු කරනු ලැබේ.
