යුද හමුදාපති හදිසියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ( 27) දහවල් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
අප වාර්තාකරු සදහන් කළේ කිසිදු දැනුම්දීමකින් තොරව යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමග සහ ගොවීන් හමුවූ බවයි.
එහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවයි.
මෙහිදී යුද හමුදාපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ මේ වන විට පවතින වෛරසය සැලකිල්ලට ගනිමින් මීටරයක දුර පවත්වාගෙන මෙහි කටයුතු සිදුකරන ලෙසයි.

