නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපූ පහක් අත්අඩංගුවට
නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපීමේ ජාවාරමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (22) රාත්‍රියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
නෙඩුන්කේනි රක්ෂිතයේ බුරුත දැව ඇතුළු වටිනා දැව වර්ග කපා කන්ටේනර් පෙට්ටියක් සවිකළ ලොරි රථයකින් ප්‍රවාහනයට සුදානම් වන අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ත් 32 ත් අතර පිරිසක් වන බවද පොලිසිය සදහන් කළා.
සැකකරුවන් සතුව තිබි දැව පැටවු ලොරි රථයක්, කැබ් රථයක් හා දැව කැපීමට යොදාගත් කැපුම් යන්ත්‍ර ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසනවා.
සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.