සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබෙන පරිත්‍යාග බද්දෙන් නිදහස්
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
අරමුදල සඳහා විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විවෘත කර ඇති අතර, එහි ගිණුම් අංකය85737373 වේ.
චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.
අරමුදලට මුදලින් කරන පරිත්‍යාග ගැන අදාළ ලියකියවිලි සමඟ ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන ලෙස පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටියි.
COVID-19 සෞඛ්ය හා සමාජ සංරක්ෂණ අරමුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සඳුදා ස්ථාපනය කෙරිණි.
එදිනම එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් ඊට ප්‍රදානය කරනු ලැබීය.
ජාතිය මුහුණ පා සිටින අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් සහ සහෝදරත්වයෙන් එක්ව ක්‍රියාකරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශීය සහ විදේශීය සමාගම්, විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අරමුදල ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමාජ සංරක්ෂණ අරමුදලේ අරමුණු මෙසේය,
1.COVID-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂණ උපකරණ සහ ධාරිතා වියදම් ඇතුළු සියලු වියදම් පියවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම.
2.අත්‍යාවශ්‍ය මහජන සේවා සැපයීමේ නිරත සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ගේ සහ පහසුකම් සලසන්නන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව උදෙසා අවශ්‍ය සියලු වියදම් සපුරාලීම.
3.ළමයින්, කාන්තාවන්, අඩු ආදායම්ලාභී පවුල්, වයස්ගත වූවන්, ආබාධ සහිත සහ අවදානමට ලක් වූ කණ්ඩායම් සඳහා මූලික අත්‍යාව්‍ය ද්‍රව්‍ය සම්පාදනය.
4.ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල බෙහෙත් ශාලා, පරීක්ෂණ සහ ප්‍රතිකාර ස්ථාන, පවුල් සෞඛ්‍ය සේවා ඇතුළු මහජන සෞඛ්‍ය සේවා පද්ධති දියුණු කරමින් බෝ වෙන රෝග අවදානම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනු පිණිස අවශ්‍ය අරමුදල් සපයා ගැනීම.
5.දේශීය වෛද්‍ය ක්‍රමය සහ සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදාහැරීම වැඩිදියුණු කිරීම සහ දේශීය අමුද්‍රව්‍ය , සම්පත්, දැනුම හා නිපුණතා භාවිතයෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක නවෝත්පාදන නිෂ්පාදනය අරමුණු කරගත් පර්යේෂණ ප්‍රවර්ධනය.
6.ගෝලීය වෙළෙඳපොළ සඳහා ආරක්ෂිත ඇඳුම් හා සනීපාරක්ෂක නිෂ්පාදන සංවර්ධනය අත්හදා බැලීම සහ ශ්‍රී ලංකාවේ වෛද්‍ය හා විද්‍යාත්මක දැනුම භාවිතයෙන් නවෝත්පාදන සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම.
7.සාම්ප්‍රදායික එහෙත් සමෘද්ධිමත් දිවි පෙවෙතක් අගයන, කාබනික ආහාර පරිභෝජනයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනයට ජනමාධ්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය.
8.සම්පත් ප්‍රතිපාදනය, විධිමත් ජාතික ප්‍රසම්පාදන ක්‍රම සහ පාලන චර්යා පිළිබඳ ප්‍රශස්තම මූලධර්ම මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ප්‍රධාන හවුල්කරුවන් සමඟ එක්ව අරමුදල් රැස් කිරීම.
