News

මැනිං පොදු වෙළෙඳපොළ විෂබීජහරණයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් ඊයේ(27) කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි.

වෙළදාම් කටයුතු සිදු කරන සහ පිටතින් පැමිණෙන වෙළඳුන්ගේ ආරක්‍ෂාව සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.