News

ශ්‍රී ලංකා‍ව තුළ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ පළමු මරණය අද වාර්තා වුණි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අද(28) පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.