News

කොරෝනා ගම් තුනක් තනි කරයි

මහනුවර සහ පුත්තලම ප්‍රදේශයේ ගම්මාන දෙකක සියලු ජනතාව නිරෝධායනයට පියවර ගෙන තිඛේ.

මහනුර අකුරණ සහ පුත්තලම කඩයම්කුලම් යන ගම්මාන දෙකයි මෙලෙස පුර්ණ නිරෝධායනයකට ලක්කර ඇත්තේ.

නව කොරෝනා වෛසරය ආසාදනය වු බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමත් සමග මෙම පියවර ගත් බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව එම ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සම්පුර්ණයෙන් තහනම් වනවා.

ලියාපදිංචි නොවු විදෙස් ගතව සිටි පැමිණි පුද්ගලයින් එම ප්‍රදේශවල රැදී සිටින බවට තොරතුරු ලැබී ඇත. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයද මේ වන විට සම්පුර්ණයෙන් හුදෙකලා කර තිඛේ.