News

ඇඳිරි නීතිය කඩකළ 6041ක් අත්අඩංගුවට

ගත වූ 24ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 856 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

වාහන සංඛ්‍යාව 184 ක් එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් සිකුරාදා(20) දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් ගණන 6041ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන ගණන 1477 දක්වා ඉහළ ගොස් තිබේ.