කොවිඩ්වලින් වැටුණු ආර්ථිකය නංවන්න ETF එකෙන් 20%ක්
ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය තුරන් කිරීමෙන් අනතුරුව සේවක අර්ථසාධක අරමුදලේ ශේෂයෙන් 20%ක් පමණ ආපසු ඒවායේ හිමිකරුවන් වෙත ලබාදීමට සිදුවනු ඇතැයි හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ජනතාවට උද්ගතව ඇති ආර්ථික අර්බුද සමනය කරගැනීම සඳහා මෙලෙස සේවක අර්ථ සාධක අරමුදල භාවිතයට ගැනීමට සිදුවනු ඇති බවත් එය ක්රියාවේ යෙදවීම සිය පාර්ශ්වයෙන්ද යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බවත්ය.
මෙරට ආර්ථිකයේ විශාලතම කොටසක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදලේ වත්මන් ශේෂය රුපියල් බිලියන 2500ක් පමණ වන අතර ඉන් 20%ක් යනු බිලියන 500ක ප්රමාණයකි.
‘වසංගතය අවසන් වීමෙන් අනතුරුව රජයට විශේෂ මූල්‍ය බරක් ඇති නොවන අයුරින් ආර්ථික උත්තේජනයක් ලබාදීමට මෙම විසඳුම ඉවහල් වනු ඇතැයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙලෙස සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභය මෙරට සේවයේ නියුතු සහ අරමුදලේ ප්රතිලාභ ලබන පුද්ගලයන් ලක්ෂ 25කට අධික සංඛ්‍යාවකට ලබාදීමට හැකිවනු ඇති බවද, එම මුදල් උපයෝගී කරගනිමින් ඔවුන්ට බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාගත් නොපියවූ ණය පියවීමට හැකිවනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතිවිශාල අරමුදලේ සංචිතවල ‘අගුළු ඇරීම’ මගින් තවත් මිලියන කිහිපයක ජනතාවක් අතර මුදල් සංසරණය වීමක් සිදුවනු ඇතැයිද එය ඔවුන්ට ප්රතිලාභ මෙන්ම, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක්ද නිර්මාණය කිරීමක්ද වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
නයන තරංග ගමගේ
