කොවිඩ් අස්සේ මැතිවරණ ප්රචාරක වැඩ
කොවිඩ් 19 වෛරසයට මුවාවෙමින් ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන බවට වූ පැමිණිලි ඉදිරිපත් වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් විසින් අත් මේස්, මුඛ ආවරණ, අත්‍යවශ්‍ය ආහාර මලු බෙදාදෙමින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන බවට වූ පැමිණිලි ඉදිරිපත් වී ඇත.
මෙම පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කරන බව කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
උදයජීව ඒකනායක
