බඩඉරිඟු නිෂ්පාදකයන්ට පැය 24ක් කල් දෙයි
බඩඉරිඟු මෙරටට ආනයනය කරන සහ දේශීයව බඩඉරිඟු මිලදීගෙන ගබඩා කර ගෙන සිටින සියලුම ආනයනකරුවන් හා ගබඩාකරුවන් ඉදිරි පැය 24 ඇතුළත නියමිත පාලන මිලට අනුව ත්රිපෝෂ නිෂ්පාදනයට සහ සත්ව ආහාර නිෂ්පාදනය බඩඉරිඟු නිකුත් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
බඩඉරිඟු හිඟය හේතුවෙන් ත්රිපෝෂ නිෂ්පාදනයට සහ සත්ව ආහාර නිෂ්පාදනයට බාධා පැමිණ ඇති බව අධිකාරියේ සභාපති විශ්රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි. බඩඉරිඟු ගබඩා කර ඇති ගබඩා පරික්ෂාවට ලක්කිරීමට විමර්ශන නිලධාරීන්ද යොදවා ඇති බව ඔහු අවධානරණය කර සිටියි.
උදයජීව ඒකනායක
