News

කොටස් වෙළෙදපොළ අදත් වැසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද(30) දිනයේ ද විවෘත නොකිරීමට එහි බලධාරීන් විසින් තීරණය කර තිබේ.

රජය විසින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරලීමට ගෙන ඇති තීරණය හමුවේ මෙම පියවර ගැනීමට බලධාරීන් තීරණය කර ඇත.

හෙට(31) දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වනවාද නැද්ද යන තීරණය අද සවස් කාලයේ දී දැනුම් දීමට නියමිතය.