News

ඇඳිරි නීතිය පිළිබද තීරණ රජයේ ඉහළ මට්ටමින් පමණයි

අඳිරි නීතිය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිඛේ.

එහි දැක්වෙන්නේ ඇඳිරි නීතිය පැනවීම ඉවත් කිරිම ඇතුලු ඊට අදාල සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් පමණක් බවයි. එම නිවේදනයේ ඇතුලත් තොරතුරු පහතින් දැක්වෙයි

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි.

යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතුය.

ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙනු ලැබේ.