News

මීගමුව රෝහලේදි මියගිය කොරෝනා ආසාදිතයාගේ අවසන් කටයුතු අද රාත්‍රීයේ

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මීගමුව රෝහලේ මියගිය මෙරටින් වාර්තා දෙවන ‌ආසාදිතයාගේ දේහයය පිළිබද අවසන් කටයුතු අද රාත්‍රීයේදීම සිදු කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අංශ සදහන් කළේ මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි අනුව සිදුකරන බවයි.

මෙලෙස මියගියේ කොච්චික‌ඩේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 64ක පිරිමි පුද්ගලයෙකි.