News

කොරෝනාට මුඛවාඩම හොඳ ආවරණයක් ඇමරිකාවෙන් සොයා ගනී

මුඛ ආවරණයක් පැලඳීම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි තවත් එක් ක්‍රමවේදයක් බව ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල කීපයක් විසින් කරන ලද පර්‌යේෂණයකින් පෙන්වා දී ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. එම හේතුවෙන් නිවසින් බැහැරවන සෑම අවස්ථාවක මුඛ ආවරණයක් පැලඳීම වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත වේ.

ශ්‍රියානි විජේසිංහ