ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 37800 ඉක්මවයි
නව කොරෝන (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 37,820 දක්වා ඉහළ ගොස් තිබේ.
මින් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 11,591ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ස්පාඤ්ඤයෙන් මරණ 7,716ක්, චීනයෙන් මරණ 3,305ක්, ඇමෙරිකාවෙන් මරණ 3,167ක් සහ ප්‍රංශයෙන් මරණ 3,024ක් වාර්තා වේ.
ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 785,807ක් වන අතර, මින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්වීම විශේෂත්වයකි.
ඉතාලියේ ආසාදිතයින් 101,739ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 87,956ක්, චීනයෙන් ආසාදිතයින් 81,518ක් සහ ජර්මනියෙන් ආසාදිතයින් 66,885ක් වාර්තා වේ.
