කොරෝනාට එරෙහි ජපන් ඖෂධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශේෂඥයින් පරික්ෂණ අරඹයි
COVID-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් ඖෂධය සම්බන්ධයෙන් මෙරට විශේෂඥයින් පරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ ජාතික ඖෂධ නියාමන කොමිෂන් සභාවේ මැදිහත්විමෙන් එම කටයුතු සිදු කෙරන බවයි.
අදාල ඖෂධ තොගය ඊයේ (30) ජපානයේ සිට මෙරටට රැගෙන ආ බව ඒ මහතා සදහන් කළේය.
මෙම ඖෂධ කොරෝනා ආසාදිත රෝගීන් සඳහා භාවිත කළහැකි ද යන්න පිළිබඳව තවදුරටත පරීක්ෂණ මට්ටමේ පවතී.
