එල්.ටී.ටී.ඊ. ධජ හා ලාංජන නොමැතිව යාපනය විශ්ව විද්‍යාල සැමරුමට අවසර
යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) අවසරය ලබාදුන් බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය විශ්ව විද්‍යාල මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වළක්වන ලෙසට කෝපායි පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කොට තිබු චෝදනාවන් සම්බන්ධයෙන් වන තීරණය ලබාදෙමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය ලබාදුන් බවයි.
කෝපායි පොලිසිය යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම හරහා ගැටළුකාරි තත්වයක් හටගත හැකි බවට සදහන් කරමින් එය නවතාලමින් අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබුණා.
යාපනය මහේස්ත්‍රාත් එස්.සදීශ්කරන් මහතා එහිදි නියෝග කොට තිබුණේ එල් ටි ටි ධජ හා ලාංජන නොමැතිව සැමරුම් වැඩසටහන් පැවැත්විය හැකි බවයි.
අදාළ නියෝගයත් සමඟ යාපනය විශ්ව විද්‍යාල භූමියේ මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට වන සැමරුම් ස්මාරකය සකස් කිරීමට විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් ඊයේ කටයුතු ආරම්භ කොට තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී ශිවාජිලිංගම් මහතා පැවසූවේ සැමරුම් වැඩසටහන් පැවැත්වීම වැළැක්වීමට කිසිදු ආරක්ෂක අංශයකට අවසරය නොමැති බවයි.