අගමැති මහින්ද අද පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ නායකයන් අද (2 වැනිදා) කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු යොදා ඇත.
අරලියගහ මන්දිරයේදී අද පෙරවරු 10.00ට මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතය. කොවිඩ් 19 වෛරස පැතිර යාම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
උදයජීව ඒකනායක
