ලංකාව කොරෝනා ව්‍යාප්තියේ 3A අවදියට – 4 වන අවදිය භයානකයි
ගෝලීය වසන්ගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3 අවධියට පිවිත තිඛේ.
මෙම අවධියේදී සිදුවන්නේ එක් නිවසකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකුම හදුනා ගැනිමයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ නිවෙස් ආශ්‍රිතව පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවීම වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
එසේ නොවුනහොත් ඉදිරි කාලය සමස්ථ රටටම කණගාටුදායක විය හැකි බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.
නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ හතරවන අවධිය මීට වඩා දරුණු විය හැකි බැවින් එම තත්වය උදා වීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.
