News

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවේ ආසාදිතයින් 1049ක් ජීවිතක්ෂයට

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ (01) දිනය තුළ ඇමෙරිකාවෙන් වාර්තා විය.

එම ප්‍රමාණය 1049කි.

මේ වන විට ඇමෙරිකාව තුළ සිදුවූ ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 5,119ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 47,235ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.