News

මරදාන ඉමාමුල් ආරූස් මාවගේ කොටසක් වැසෙයි – පවුල් 230ක් ස්වයං නිරෝධායනයට

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය තෙවන පුද්ගලයා පදිංචි කොළඹ මරදාන ප්‍රදේශයේ මාවතක් වසා දමා තිබේ.

පොලීසිය සදහන් කළේ මරදාන ප්‍රදේශයේ ඉමාමුල් ආරූස් මාවතේ කොටසක් මෙලෙස වසා දමා ඇති බවයි.

ඒ අනුව එම ප්‍රදේශයේ පවුල් 230කට අයත් සාමාජිකයින් 819දෙනෙකු ස්වයං නිරෝධායනයකට යොමු කර තිබේ.