ඇඳිරි නීතිය කඩකල 11019ක් අත්අඩංගුවට
කොරොනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා 20 වන සිකුරාදා දින සවස 06 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවු පසු අද (03)තෙක් පුද්ගලයින් 11019ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
මේ වන විට රථ වාහන 2727 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අද දින උදැසන 06 සිට මධ්‍යාහන 12 දක්වා ගත වු පැය 6ක කාලය තුල පුද්ගලයින් 289ක් සහ රථවාහන 70ක් පොලිස් භාරයට ගෙන ඇත.
