News

යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන අයට නිවේදනයක්

ඇදිරි නීතිය ක්‍රියාමකවන කාලසීමාව තුළ යුද හමුදා රෝහලේ සායන සඳහා සහභාගී වන යුධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට ළඟම ඇති යුධ හමුදා රෝහලෙන් අවශ්‍ය සායන සහ ඖෂධ ලබා ගත හැකි බව යුධ හමුදා මූලස්ථානය පවසයි.

යුධ හමුදා රෝහලේ සායන සදහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ ලබා ගැනිම සදහා ප්‍රාදේශිය මට්ටමින් යුධ හමුදා මූලික රෝහල්, ක්ෂේත්‍ර රෝහල් සහ රෝගීන් භාර ගන්නා ස්ථාන වල පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0113030534, 0112697517 යන දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව ද යුධ හමුදා මූලස්ථානය සදහන් කරයි