News

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට ගත් පිරිස 12000 ඉක්මවයි

දිවයින පුරා මාර්තු 20 වන දින සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 12223 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කාලය තුළ වාහන ද 3017 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

ගතවු පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1493 ක් සහ වාහන 360ක් පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.