News

ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 13468 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 13468 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුගිය 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය පැවති කාලය තුල මෙම අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇත. මෙහිදී රථවාහන 3353 ක් ද පොලිස් භාරයට ගෙන තිඛේ.

මේ අතර ගෙවුණු පැය 24 තුල ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 336 ක් පොලිස් භාරයට ගෙන ඇත.