තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
වෛරසය ආසාදිත රෝගීන් 137 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 176 දෙනෙකු මේ වන විට හදුනාගෙන ඇත.
ඉන් 5 දෙනෙකු මියගියේය.
