කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක්
කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සඳහා අවශ්‍ය කෑම වර්ග නිසි පරිදි නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් පවතින බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
කොවිඩ් 19 වෛරසය පැතිර යාම සහ ඇඳිරිනීතිය බලපැවැත්වීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර අලෙවි කර ගැනීමට ද නොහැකිව නිෂ්පාදකයන් දැඩි අසීරුතාවට පත්ව ඇත.
මෙම කර්මාන්තයේ කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු සඟවාගෙන තිබීම ද ගැටලුවක් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එස්.එස්. සුසිල් සිල්වා පවසයි.
ශීතාගාරවල කුකුළු මස් මෙට්‍රික් ටොන් 75000ක් පමණ මේ වන විට ගබඩා කර තිබේ.
කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයට බඩඉරිඟු මාසිකව මෙට්‍රික් ටොන් 40ක් අවශ්‍ය වෙයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙවර බඩඉරිඟු මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයකට අධික නිෂ්පාදනයක් සිදුව ඇති බවයි.
මෙම බඩ ඉරිඟු කඩිනමින් වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලෙස ගබඩාකරුවන්ට දැනුම් දී ඇතත් ප්‍රමාණවත් තරම් වෙළෙඳපොළට මුදා හැර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
බිත්තර ද විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත. සෑම දිනකම බිත්තර ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් දිවයින පුරා වෙළෙඳපොළට එකතු වෙයි. බිත්තරයක මිල රුපියල් 10කි.
මෙම කර්මාන්තය රැක ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
උදයජීව ඒකනායක
