අද දහවල් 12:12ට ප්‍රදේශ නවයකට ඉර මුදුන් වෙයි
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව අද දින (07) දහවල් 12:12ට වත්තල, හුණුපිටිය, පුටුපාගල , ගිනිගත්හේන, රඹුක්පොත, මැදවෙල ,කිරිවෙල්ගොඩ, නැව්ගල සහ කොමරි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.
මේ අතර අද පස්වරුවේ සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹසහ උතුරු-මැද පළාත්වලත්ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
