ඇඳිරිනීතිය පැනවීමත් සමග පරිසර දූෂණය අවම වෙලා
ඇඳිරිනීතිය පැනවීමත් සමග පරිසර දූෂණය අවමවීම හේතුවෙන් වාතයේ තිබූ අහිතකර අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය පහත වැටී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පවසයි.
විශේෂයෙන් වාහන දුම නිකුත් වීම අවම වීම හේතුකොටගෙන මෙම තත්ත්වය ඇති වී බව හෙතෙම මෙහිදී පෙන්වා දෙයි.
මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට පානීය ජලය සපයන කැලණි ගඟේ ජලයේ තත්ත්වයද මේ වන විට වඩාත් යහපත් තත්ත්වයකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ශිරන්තනි මානවඩු
