News

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 03ක වාන් දොරටු විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජංගනය, දැදුරුඔය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

24 වැනිදා පෙරවරුව වන විට ඉදැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08 ක් විවෘත කර ඇත.ඒ වාන් දොරටු 04 ක් අඩි 04 බැගින් සහ වාන් දොරටු 04 ක් අඩි 02 බැගිනි.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.තබ්බෝව ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 යි අගල් 06 බැගින් විවෘත කර ඇත.

එම ජලය මී ඔයට මුදා හැරේ.දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බැවින් දැදුරුඔයේ පහල ප්‍රදේශ වල පදිංචිකරුවන් අවදානයෙන් පසුගිය යුතු බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර කලාඔයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී ඇත.එළුවන්කුලම සපත්තු පාලම මතින් අගල් 08 ක ජලයක් ගලා යන බැවින් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ආපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.