News

නැවෙන් ගත්තු ජර්මන් කතට කොවිඩ් නෑ

ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී නෞකාව පෙරේදා (06 වැනිදා) කොළඹ වරායට පැමිණි මෙහොතේ එම නැවේ සිට කොළඹ ජාතික රෝහළට ආතුළත් කළ ජර්මන් ජාතික කාන්තාව ඊයේ ( 07 වැනිදා ) කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

ත්‍රාස් මාගරට් නමැති හැත්තෑපස් හැවිරිදි මෙම කාන්තාව නාවික හමුදාව විසින් ජාතික රෝහලට ඇතුළුකර කෝවිඩ් රෝගී පරීක්ෂාවක් සිදුකර ඇති අතර වෛරසය ආසාදනය වී නොමැති නිසා එම පෞද්ගලික රෝහලට ඇතුළු කර තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා