නිරෝධනය වූ තවත් 37ක් නිවෙස් වෙත
විදෙස් රටවල සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 29 ක කාලයක් නිරෝදායනයට ලක්වු අවසන් කණ්ඩායම වු 37 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අද(09) වෙනිදා පෙරවරුවේ තම නිවෙස් කරා පිටව ගියහ.
ඉතාලිියේ සහ දකුණු කොරියාවේ සිිට පැමිණි මෙම ශී‍්‍ර ලාංකිකයන් පිරිස යුද හමුදාවේ අධික්ෂණය යටතේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු අතර පිටව ගිය එම පිරිස කොළඹ හලාවත කුරුණැගල පුත්තලම සහ මිගමුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් හමුදා නිලධාරියෙකු සදහන් කලේය.
විදෙස් ගත සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ මාසකෙට ආසන්න කාලයක් නිරෝධායනය වු පලමු කණ්ඩායම සහ පිටව ගිය අවසන් කණ්ඩායමද මෙය වන බව එම හමුදා නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
09 වෙනිදා පිටව ගිය පුද්ගලයින් දින 29 ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක් වුයේ වරින් වර මොවුන් සමග සිටි කිහිපදෙනෙකු හට කොරෝනා රෝගින් බවට තහවුරු විම හේතුවෙන් පිටව ගිය එම පිරිසට වැඩි කාලයක් නිරෝධායනයට ලක්විමට සිදු වු බව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ඉහල නිලධාරියෙකු පැවසිය.
ප‍්‍රසාත් සමන්
